ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් පිලට ජය

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුළු 8ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ(29) සමත් විය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 257 රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 43යි පන්දු 5කදී කඩුළු 2ක් පමණක් ලකුනු 262ක් ලබා ගනිම්න් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

මැග් ලෑනින් ලකුණු 152යි. මේ අතර බටහිර ඉනිදීය කොදෙව් කන්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය එංගලන්තය සමඟ ලබන ඉරිදා (02) පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 11 =