තැපැල් වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – දින කිහිපයක් සිදු කළ සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කරයි.

ආණ්ඩුවේ නියෝජිතයින් සමග ඊයේ (29) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

මේ අනුව අද (30) දිනයේ සිට සුපුරුදු ලෙස තැපැල් සේවා රාජකාරි කටයුතුවල නිරත වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =