දිළිඳුකමින් පිටු දැකීමට හොඳම ක්‍රමවේදය වෘත්තීය පුහුණුවයි – ඇමති චන්දිම

(කොළඹ, ලංකාපුවත්) – රටක දිළිඳුකමින් පිටු දැකීමට හොඳම ක්‍රම වේදය වෘත්තීය පුහුණුව බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි.

ඒ හේතුවෙන් වෘත්තිය පුහුණු ආයතනවල පාඨමාලා නොමිලේ හැදෑරිමට ශ්‍රී ලංකා රජය අවස්ථාව ලබාදී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා පත් කළ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ඊයේ(29) කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. අදාල ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති නිලධාරීට මෙහිදී පත්වීම් ලිපි ලබා දී තිබීම විශේෂත්වයකි.

මානව සම්පත සංවර්ධනය නොකොට රටක භෞතික සම්පත් කෙතරම් සංවර්ධනය කළ ද වැඩක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එබැවින් මෙම තත්ත්වය මැනවින් අවබෝධ කර ගනිමින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෘත්තිය පුහුණු ආයතනවල පාඨමාලා නොමිලේ හැදෑරීම සදහා අවස්ථාවද තරුණ කොටස්වෙත ලබා දී ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හෝ විදෙස් රැකියාවකට ප්‍රවේශ වීමට නොහැකිව 220,000ක පිරිසක් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම රජයේ රැකියා සදහා පෙළපාලි ගොස් කෙලෙස හෝ ඇතුළු වීමේ සම්ප්‍රදායක් අප රට තුළ පවතින බව න්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම තත්ත්වය වෙනස් කරමින් අනාගතයේ දී රජයේ මෙන්ම පෞද්ගලික අංශය සදහා ද වෘත්තියෙන් සුදුසුකම් මෙන්ම උසස් වැටුප් තලයකට යෝග්‍ය නව ක්ෂේත්‍රයන් හි රැකියා අවස්ථාවන් ලබා දීම වෙනුවෙන් නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති වෘත්තිය පුහුණු ආයතනවල නව පාඨමාලා හදුන්වා දීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *