පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල ප්‍රදේශයේදී ඉකුත් මැයි මස 09වනදා මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගිවූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක් ඝාතනය කිරීම සහ තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් දීර්ඝ ලෙස විමර්ශණය සිදුකර මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරිම සදහා කුමන්ත්‍රණය කිරිම, ආධාර අනුබල ලබා දිම යන චෝදනා යටතේ ඊයේ(29) කැස්බෑව ප්‍රදේශයේදි එක් සැකකරුවකුද, පිළියන්දල ප්‍රදේශයේදි තවත් සැකකරුවකුද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රෂ්ණ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකිරිමට ගිණි අවි ප්‍රවාහනය කිරීම සදහා යොදාගන්නා ලද කාර් රථයක් හා ටිපර් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

අත්අඩංගුවට සැකකරුවන් වයස අවුරුදු 57 ක් හා 31ක් වන තැනැත්තන් වේ.

ඔවුන්ව අද(30) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිරිහාන පොලීසිය හා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය සිදුකරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =