මෙරට අයෝජන පුළුල් කිරීමට ස්පාඤ්ඤ රජයේ සහය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ අයෝජන පුළුල් කිරීම සඳහා සහය පළ කරන බව, ස්පාඤ්ඤ රජය අවධාරණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ තානාපති ජෝස් රැනොන් බරනානෝ ෆර්ඩිනෑන්ඩෂ් මහතා, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(29) හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය. හමුව සිදු වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය.

ස්පාඤ්ඤ තානාපතිවරයා එහිදී කියා සිටියේ තම රටේ අයෝජකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය. එමෙන්ම ස්පාඤ්ඤ සංචාරකයින්ගේ සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද තානාපතිවරයා පැවසීය.

සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර තලයට ගෙන යාමට අවශ්‍ය සහය ලබා දෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ජෝස් රැනොන් මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *