(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී ගීත සහ සංගීතය සදහා ප්‍රමිතියක් ඇති කිරීමට නව නීති ගෙන එන බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා කියා සිටියි.
ඒ අනුව ඉදිරියේ දී මගී ප්‍රවාහන සහ පාසල් සිසුන් රැගෙන යන බස්රථවල ප්‍රමිතියකින් යුතු ගීත අඩංගු කැසට්පට හා සීඩී තැටි ලබා දීමට ක්‍රියාකරන බව ඇමතිවරයා පැවසීය.
අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේවන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. ලබන වසර ආරම්භයේ සිට මෙය කක්‍රියාත්මක කිරීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ.
ප්‍රමිතියෙන් යුතු සංගීතයක් ඇති කිරීමේ කාර්යයේ දී අධයාපන අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සංස්කෘතික අමාත්‍යංශය එක්ව කටයුතු කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද උපදෙස් ලබා දී ඇත.
අද ඇසෙන ඇතැම් ගීත තරුණයන්ගේ පමණක් නොව වයස්ගත පුද්ගලයන්ගේ ද මනස අවුල් කරන සුළු බව අමාත්‍යවරයා කියා සිටියේය.