ISIS නායකයා නිසැකවම මිය ගිය බව ඉරානය කියයි

(කොළඹ, ලංකාපුවත්) – නිසැක වශයෙන්ම අයිඑස්අයිඑස් නායක අබූ බකාර් අල් බකාඩි මිය ගොස් ඇති බව ඉරානය පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉරානයේ උත්තරීතර ප්‍රධානී අයතුල්ලා අලි කාමෙනි ද මේ පිළිබඳ තහවුරු කර ඇත.

පසුගිය 17 වැනිදා සිරියානු සහ රුසියානු රජයද ISIS නායකයා ගුවන් ප්‍රහාරයකින් සිරියාවේදී මරුනුවට පත්වූ බවට වාර්තා නිකුත් කර තිබුණි.

නමුත් ඉරාකය සහ ඇමරිකාව පවසන්නේ මෙතෙක් එවැනි දෙයක් තහවුරු වී නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + thirteen =