උමාඔය ගැටලු විමර්ශනයට අමාත්‍ය අනු කමිටුව අද බණ්ඩාරවෙලට

(කොළඹ, ලංකාපුවත්) – උමාඔය ව්‍යාපෘතියේ ගැටලු විමර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ අමාත්‍ය අනු කමිටුව අද(03) බණ්ඩාරවෙල ප්‍රදේශයේ කේෂ්ත්‍ර චාරිකාවක නිරතවීමට නියමිතය.

වින්දිත ජනතාවට වන්දි ලබාදීම කඩිනම් කිරීම හා ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීම මෙහි අරමුණ වේ. උමාඔය ගැටලු විමර්ශනයට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණේ පසුගිය සතියේදී ය.

මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක හා විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරුන් ඊට ඇතුළත් වේ. ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා කළ යුතු කාර්යයන්ට ප්‍රමුඛතාව දෙමින්, ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳව අනු කමිටුව මගින් සොයා බැලීමට නියමිතය.

ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යයනය කිරීමට නෝර්වේ රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමක් ලබන මස මුල් සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත අතර ජර්මන් රජයේ විශේෂඥයෙකු මේ වන විට මේ පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + five =