යාපනයේ අක්කර 54ක් පැරණි හිමිකරුවන්ට නිදහස් කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) – යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන බව ශ්‍රී ලංකා යුධ හමුදා පවසයි.

ඒ අනුව අද පැවැත්වෙන උත්සවයකදී මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව දැනට අවතැන්ව සිය ඥතීන් සමග ජිවත්වන මෙම ඉඩම් වල මුල් පදිංචිකරුවන් සඳහා නැවත පැමිණීමේ අවස්ථාව උදාවනු ඇත.

පසුගිය අප්‍රියල් මස 07 වැනි දිනද අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා යාපනය ඌරනි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා විසින් භාවිත කරන ලද අක්කර 35ක භුමි ප්‍රදේශයක් නිදහස් කිරීමට යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *