රාගම ලක්‍ෂ හැත්තෑහතේ කොල්ලයේ සැක 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දා රාගම ප්‍රදේශයේ දී වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 77 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

කඩවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිමි ඇඳුම් අලෙවිසැලකට මුදල් රැගෙන පැමිණෙමින් තිබූ වෑන් රථයකට රාගම දී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා එහි තිබූ මුදල් මෙලෙස කොල්ල කා තිබුණේ ඉකුත් 26 වැනිදා ය.

අදාළ නිමි ඇඳුම් අලෙවිසැලේ වත්තල ශාඛාවේ තිබූ මුදල් කඩවත ශාඛාව වෙත රැගෙන එමින් තිබියදි මෙම කොල්ලකෑම සිදුව තිබුණි.

අනතුරුව සිද්ධිය පිළිබඳ කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් විමර්ශණ ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *