ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර Bfha(02) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු හතකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 33 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 155ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලක්‍ෂාන් සදකැන් ලකුණු 52කට කඩුලු හතරක් බිඳ හෙලීය.

වනිදු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

උපුල් තරංග ලකුණු 75ක් රැස් කරන ලදි.

මේ අනුව එක්දින තරගාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 18 =