ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට චන්දික හතුරුසිංහ ගැනත් අවධානය

(කොළඹ, ලංකාපුවත්) – පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට චන්දික හතුරුසිංහ බදවා ගැනීම පිළිබද අවධානය යොමුව තිබේ.

කෙසේ වුවත් ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වනතුරු ඔහු බංග්ලාදේශයේ රැදී සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසා ඇත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ගිවිසුම්ගතව සිටි. එහෙයින් ඔහු එම ගිවිසුමට අනුව තමන් සමග කටයුතු කරනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් පවසා තිබේ.

මේ අතර පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය කඩිනමින් පිරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කර ඇත. ඒ අනුව චන්දික හතුරුසිංහගේ නම ද යෝජනා වී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 3 =