සංවේදී ආදර කතාවක් වන ‘දේදුණු ආකාසේ’ සිනමා සිත්තම ළඟදීම . . . .

(කොළඹ, ලංකාපුවත්) – සංවේදී ආදර කතාවක් ඔස්සේ නිර්මාණය වූ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය ඉතා නුදුරේ දීම ප්‍රේක්‍ෂක රසවින්දනය සදහා තිළිණ කරන බව එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.

මෙතෙක්‌ කලක්‌ චිත්‍රපට නිපදවමින් දේශීය සිනමා කර්මාන්තය ශක්‌තිමත් කළේ ඊ. ඒ. පී. සමාගමය. සිය මව් සමාගමට අනුව යමින් දැන් ස්‌වර්ණවාහිනිය ද චිත්‍රපට කර්මාන්තය වෙත පිවිසීම ‘දේදුනු ආකාසේ’ සමඟ ආරම්භ විය.

‘දේදුණු ආකාසේ’ ප්‍රියන්ත කොළඹගේ ගේ අධ්‍යක්‍ෂණයකි. අරුමෝසම් වැහි, දැහැන, ආදරණීය කතාවක්, විමුක්‌ති යන චිත්‍රපට හතරක්‌ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්‍ෂණය කර ඇත.

‘දේදුණු ආකාසේ’ රංගනයෙන් හේමාල් රණසිංහ සහ 2014 වසරේ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ දිනූ සහ එම වසරේදී ලෝක රූ රැජින තරගය නියෝජනය කළ චුලක්ෂි රණතුංගද, නවක නිළි ශනේලි ප්‍රනාන්දු සහ ජයලත් මනෝරත්න, මාදනී මල්වත්ත, ශ්‍රීමාල් වෙඩිසිංහ සහ සහේලි සදිත්මා එක්‌වෙති.

තිර රචනය තාරක හේරත් දමුණුමුල්ල සමඟ ප්‍රියන්ත කොළඹගේ ය. කැමරාව රංග එස්‌. බණ්‌ඩාරය. සංගීතය චිත්‍රාල් සෝමපාලගෙනි.

ගීත රචනා උපුල් ශාන්ත සන්නස්‌ගල, නන්දන වික්‍රමගේ, වජිර මහකණුමුල්ල සහ ප්‍රියන්ත කොළඹගේ ගීත ගායනයෙන්ද මංගල ප්‍රනාන්දු කලා අධ්‍යක්‍ෂණයෙන්ද, ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්‍ෂණයෙන් සහ අසෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ද එක්‌වෙති.

තුන්කොන් ආදරයක්‌…. සංවේදී ආදර කතාවක්‌ ලෙස තිරයේ දිග හැරෙන ‘දේදුනු ආකාසේ’ කුචුරේ දීම ඔබටත් නැරඹිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − eight =