දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල සත්වෝද්‍යානය සැප්තැම්බර් මාසයේ සිට රාත්‍රී කාලයේ දී ද විවෘත කිරීමට නියමිත බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

සැප්තැම්බර් 09වනදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට පෙර සත්ව උද්‍යානය විවෘතව පැවතියේ උදෑසන 8.30 සිට පස්වරු 6.00 දක්වා පමණි.

නව ක්‍රමවේදය තුළින් සවස 6.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයක් සත්ව උද්‍යානය වසා තැබෙන අතර ඉන් අනතුරුව රාත්‍රි 7.00 සිට පැය 03 ක කාලයක් එනම් රාත්‍රී 10.00 දක්වා නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවති.

ආකර්ශනීය අංග රැසක් ද මේ වෙනුවෙන් එක් කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් ක්‍රියාත්මක කරනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *