මංගල එක්දින තරගයේදීම හසරංගගෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ(02) පැවැති දෙවන එක්දින තරගයේ දී සිය මංගල එක්දින ක්‍රිකට් තරගය සදහා සහභාගී වූ වනිදු හසරංග ද සිල්වා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ඔහු ලබා ගත් මෙම කඩුලු ත්‍රිත්වය ඉතිහාසයට එක්වන්නේ එක්දින තරගබිමට පිවිසි පළමු දිනයේ දීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තුන්වැන්නා ලෙසටය.

මීට පෙර එක්දින තරග බිමට පිවිසි පළමු දිනයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ තයිජුල් ඉස්ලාම් සහ කගිසො රබාඩා යන දෙදෙනාය.

19 හැවිරිදි වනිදු හසරංග ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *