නව හමුදාපති පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දැරූ මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා නව හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇත.

ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් හමුදාපති තනතුර හිස්ව පැවතුණි.

නව හමුදාපතිවරයා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1981.10.16 වනදා බඳවාගැනීම් පාඨමාලා අංක 16 යටතේ කැඩෙට් නිළධාරියකු ලෙස යුද හමුදාවට එක්වූ අයෙකුවේ.

1983.06.23 වනදා එම පාඨමාලාවේ සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්විය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියළු යුධහමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථාවරයන් යටතේ ඔහු සක්‍රියව සහභාගි වී තිබේ.

නව හමුදාපතිවරයා යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති ලෙසද පසුගිය කාලයේ කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 5 =