බංග්ලාදේශයේ ඇගළුම් කම්හලක බොයිලේරුවක් පිපිරීමෙන් 10දෙනෙකු මරුට

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ ඇඟළුම් කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ ඩකා අගනුවරට ආසන්නයේ පිහිටි කම්හලක අදාළ පිපිරීම සිදුව තිබේ.

කම්හලේ තිබූ බොයිලේරුවක් පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. ඉන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

අදාළ පිපිරීමෙන් කම්හලේ ගොඩනැගිලිවලට ද අලාභ හානි සිදුව ඇතැයි වාර්තා වේ. මිය ගිය අය අතර කම්හල අසලින් ගමන් කළ පදිකයින් ද සිටින බව වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =