බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණය ඇමති චන්දිම අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණයේ තෙවැනි දිනය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් විවෘත කිරීම ඊයේ(03) සිදුවිය.

ශාන්ත අන්දෝනි විද්‍යාලය බද්දේගම ප්‍රදේශයේ ඇති ජනප්‍රය පාසලයකි . සිසු සිසුවියන් 1500 ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 78 කින් සමන් විතය. විද්‍යාලයේ වසර 100 ක ඉතිහාසය සමරන මේ වසරේ ඒ වෙනුවෙන් ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇත.

විද්‍යාලයේ පමණක් නොව ප්‍රදේශයේ අනිකුත් විද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ද දැණුම වර්ධනය වන ආකාරයට සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනයට සිසු සිසුවියන්ගේ නිර්මාණ මෙන්ම වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 19 ක නිර්මාණ හා ප්‍රදර්ශණ ඇතුලත් කුටි රාශියක් මෙම ප්‍රදර්ශනයට ඇතුලත් කර ඇත.

පසුගිය සෙනසුරාදා ජනාධිපති තුමා විසින් ප්‍රදර්ශනය විවෘත කළ අතර ප්‍රදර්ශනය හෙටින් (05)නිමා වේ.

ඊයේ ප්‍රදර්ශනය විවෘත කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහභාගී විය. විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රදර්ශනය සදහා ඇති නව නිපයුම් අගයමින් සිසු සිසුවියන් දිවිමත් කර අමාත්‍යවරයා අනතුරුව උත්සව සභාවටද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − three =