“මිය ගිය” නිවේදිකාව ඇත්තටම මියගියේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – සජීවී රූපවාහිනී වැඩසටහනකදී “සුරූපී” නිවේදිකාවක් හෘදයාබාධයකින් මියයයි යනුවෙන් සඳහන් වූ පෝස්ටුවක් පසුගිය දිනවල ෆෝස්බුක් පිටු පුරා හුවමාරුවිය.

තරුණ පාකිස්ථානු නිවේදිකාවක් සජීවී වැඩසටහනක් අමතමික් සිටින විටකදී එක්වරම ඉහළින් ඇදවැටෙන ආකාරය මෙම වීඩියෝවේ අන්තර්ගත වී තිබුනි.

වයස අවුරුදු 23 ක්වූ ඇය පාකිස්ථානු 92NEWS HD රූපවාහිනී නාලිකාවේ සුප්‍රසිද්ධ නිවේදිකාවකි. නමින් ඉර්Zසා ඛාන්වේ.

ඇය විසින් සජීවී දේශපාලන වේදිකා වාර්ථාවක් ගෙන එමින් සිටියදී ඇයව නංවා තිබූ ක්‍රේන් ආධාරකයෙන් ඇද වැටෙන්නේ අඩි 15 ක පමණ උසක සිටය. ප්‍රවෘත්ති නිෂ්පාදකවරයාගේ අවශ්‍යතාවයට අනුව ඇයව ක්‍රේනය මතට නංවා ඔසවන්නේ ඇයට පසුබිමින් වේදිකාව දර්ශනය කරගැනීමට අවශ්‍යවූ නිසා බව සඳහන්වේ.කෙසේ වෙතත් නිවේදන කටයුත්ත අරඹා සුළු මොහොතතින් ඇයව ක්ලාන්ත වී බිම ඇද වැටී ඇත.

එයට හේතුව වශයෙන් සඳහන්ව තිබුනේ ඇය රඳවා තිබූ ඉහළ උස ඇයට දරාගත නොහැකි වීමත්, ශරීර ශක්තිය මදවීමත් ලෙස ය.

කෙසේ නමුත් අඩි 15 ක පමණ ඉහළින් බිමට ඇද වැටුනු ඇගේ හිසට හා අතකට මදක් තුවාල වී තිබුනි. ඉක්මනින් ලඟා වූ ගිලන් රථයක් මඟින් ඇයව ලාහෝරයේ රෝහලක් වෙත ඇතුලත් කර තිබේ.

කෙසේ නමුත් මිය ගියා යැයි සඳහන් වූ ඇය ඇත්තෙන්ම “මියගියේ නැහැ” . මෙම සිදුවීම සිදුවී තිබුනේ 2016 සැප්තැම්බර් 03 වනදා පකිස්ථානයේ ලාහෝර් නුවරදී ය.

වසරකින් පසුව නැවතත් මෙම සිදුවීම වැරදි ආකාරයක ජනගත වූයේ කෙසේදැයි තවමත් ඇය නොදන්න බවත් මෙම සිදුවීමෙන් පසුව බොහෝ පිරිස් තමා ගැන සොයා බලා බොහෝ ආදරය කරුණාව දැක්වූ බවත් ඉර්Zසා කියා සිටි.

ශ්‍රී ලංකාවේ ගොසිප් පිටු බොහෝ ප්‍රමාණයක්ද කිසිදු සෙවුමකින් තොරව එක රැල්ලට මෙම සිදුවීම රස කරමින් “සුරූපී නිවේදීකාව” මියගිය බව පතුරුවා හැර තිබුණි.
(තොරතුරු උපුටා ගැනීම – හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 11 =