ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාල 100 අතරට චීනයේ සරසවි 12ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසර සදහා චීන විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය පසුගියදා පැවැත්වුණි. චීනයේ සිසුන් ලක්ෂ 94 ක් පමණ මේ විභාගයට පෙනී සිට ඇත.

විභාගය දිනදෙකක් පුරා පැවැති බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය ආරම්භ වුණේ 1977 වසරේ දීය. මෙවර එහි 40 වන සංවත්සරය ද යෙදී තිබුණි. චීනයේඅධ්‍යාපනය ලැබීමට මෙන්ම රැකියාවක් කිරීමටත් විශාල තරගයක් පවතී. ඒ ජනගහනය අධික රටක් හේතුවෙනි. ලොව නැගී එන ආර්ථිකයත් සමග මේ වන විට රට තුළ සියළු කේෂ්ත්‍ර සංවර්ධනයට චීන රජය විශාල වශයෙන් කැපවී සිටි. එම මැදිහත් වීම් අධ්‍යාපන කේෂ්ත්‍රයේ විශාල වශයෙන් කැපී පෙනේ.

රජයක් ලෙස එලෙස ගන්නා ලද කැපවීමත්, මැදිහත් වීමත් නිසා ජාත්‍යාන්තරය ඉදිරියේ චීනය අධ්‍යාපන කේෂ්ත්‍රයෙන් මේ වන විට විශාල ප්‍රගතියක් ලබා ගෙන තිබේ. එබැවින් ජාත්‍යාන්තරය ඉදිරියේ පසුගියදා ඇගයිමට ලක් වූ අවස්ථාවක් පිළිබදවයි මේ තොරතුර…..

ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාල 100 පිළිබද 14 වැනි නවතම සංස්කරණය පසුගියදා එළිදැක්වුණා. චීනයේ ඇති විශ්ව විද්‍යාල 12 ක් එම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්වී තිබෙනවා. ඉන් 6ක් චී‍නයේ ප්‍රධාන නගර ආශ්‍රිත පිහිටා ඇති විශ්ව විද්‍යාලයි. බීජිං හි තිබෙන Tsinghua විශ්ව විද්‍යාලය ලොව පිළිගත් 25 වැනි විශ්වවිද්‍යාලය බවට පත්වී තිබෙනවා. ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයට හිමිවන්නේ එහි 28 වැනි තැනයි. ඒ අනුව, ආසියා මහද්වීපයේ පළමු වැනි තැන චීනයටහිමි වී තිබෙනවා. මේ අතර, චීන විශ්ව විද්‍යාල 38 ක් ‍ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාල 500 ට ද ඇතුළත් වී තිබෙනවා.

ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව, අංක බවට පත්වී ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදයේ “මැන්චෙස්ටර්” තාක්ෂණ විශ්ව විද්‍යාලයයි.එමෙන්ම 2 සහ 3 ලෙස පිළිවෙළින් තේරී ඇත්තේ, අමෙරිකාවේම “ස්ටැන්ෆර්ඩ්” විශ්ව විද්‍යාලයත්, “හාර්වර්ඩි” විශ්ව විද්‍යාලයත් යන අධ්‍යාපන ආයතනයයි.

ගෝලීය අවශ්‍යතා හොදින් හදුනාගෙන සිය දක්ෂතා පූර්ණ කර ගැනීමට චීන විශ්ව විද්‍යාල පද්ධතිය නිර්මාණය කර තිබෙනවා. සිසුන්ට අවශ්‍යය පහසුකම් ලබාදී තිබෙනවා. මේ නිසායි ජාත්‍යාන්තර ප්‍රජාව ඉදිරියේ විශාල ආකර්ෂණයක් චීන විශ්ව විද්‍යාල අධයාපනය ලබා ගැනීම සදහා නිර්මාණය වී ඇත්තේ.

(තොරතුරු – නිසංසලා රත්නායක – චීන ගුවන්විදුලිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − two =