වසර 2020 දී කුරුඳුවලින් හොඳ ලාභයක් ලැබීමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – කුරුඳු අපනයන ආදායම වසර 2020 වන විට ඩොලර් බිලියනය දක්‌වා වැඩි කර ගැනීමට අපේක්‍ෂා කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා කුරුඳුවල පිළිකා නාශක හා කොලෙස්‌ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණය ලෝකයේ අන් කිසිදු කුරුඳු වර්ගයක නැතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ලෝක බැංකුවේ සහාය ඇතිව කුරුඳු වගා කිරීමට අවශ්‍ය තාක්‍ෂණය හා මූල්‍යාධාර ගොවීන්ට ලබාදෙන බව ද දයා ගමගේ මහතා කීවේය.

ජීඑස්‌පී ප්ලස්‌ සහනය නැවත ලැබීමත් සමග රටවල් 100 කට පමණ කුරුඳු අපනයනය කළ හැකි බවද, ඒ සඳහා හොඳ ප්‍රමිතියෙන් යුත් කුරුඳු නිෂ්පාදනය කළ යුතුව ඇතැයි ද අමාත්‍ය දයා ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 5 =