(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (05) සිට ආරම්භ කිරීමට නියමිතව පැවති අඛණ්ඩ වැඩවර්ජනය සතියක කාලයක් අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද (04) පැවති විධායක කමිටු රැස්වීමේදී එලෙස තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සිදු නොකරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අද දහවල් ඉල්ලීමක් කර තිබුණි.