ජල ජීවීන් වගා කිරීමට ලොව විශාලතම යාත්‍රාව චීනයෙන්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියේ ජල ජීවීන් වගා කිරීම සදහා යොදා ගැනෙන ලොව විශාලතම යාත්‍රාව නිෂ්පාදනය කිරීමට චීන සමත් ව ඇත.

නෝවේජියානු සමාගමක් වන SalMar ASA හි ඉල්ලීම පරිදි චීනය නිෂ්පාදනය කළ මේ යාත්‍රාව දියුණුම තාක්ෂණයෙන් යුක්තවේ. මෙය ලොව පළමු ස්වයංක්‍රීය ජලජ ජීවීන් වගා කළ හැකියාත්‍රාව ලෙසින්ද හදුන්වා දිය හැකිය.

එමෙන්ම වසර 25 ක වගකීම් සහතිකයක් මේ සදහා චීනය ලබාදී තිබේ.

මෙම යාත්‍රාව මීටර් 69 ක් උසකින් හා මීටර් 110 ක් පළලකින් සමන්විතය.

ලොව ඇති වන දරුණුතම කුණාටුවකට පවා ඔරොත්තු දෙන ලෙසමෙය නිර්මාණය කර ඇත. ජල ජීවී වගාවන්ට අවශ්‍යය ඇළ මාර්ග පද්ධතිය, පරිසරය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේද, මිය ගිය මාළු ස්වයංක්‍රීයව ඉවත් කිරීම ද සිදු කෙරේ.

වසරකට මෙහි මාළු මිලියන 1.5 ක් වගා කළ හැකිය. යාත්‍රාව නිෂ්පාදනය කළ චීන සමාගම පවසන්නේ මාළු මියයාමේ ප්‍රතිශතය සියයට 2 කටද අඩුවන බවය.

යාත්‍රාව හිමි නෝවේජියානු සමාගම සැමන් මසුන් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගම් වලින් එකකි. එමෙන්ම මෙම නෝවේජියානු සමාගම පසුගිය අප්‍රේල් මස තවත් නව නැව් 5ක් නිෂ්පාදනය කිරීමට චීනයට භාර දී තිබේ.

මේ සමගම නැව් නිෂ්පාදන කේෂ්ත්‍රයෙන් ඉදිරියට පැමිණීමට චීනයට ඉක්මණින් හැකි වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අදහස් දක්වා ඇත. මෙය රටේආර්ථික ශක්තිමත් භාවය තීරණය කිරීමේ තවත් එක් සාධකයකි.

(තොරතුරු – නිසංසලා රත්නායක – චීන ගුවන් විදුලිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *