නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ආපදාවට පත් ජනතාව වෙනුවෙන්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලබාදීම සඳහා ඊයේ(04) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දුන්නේය.

ඊට අදාළ චෙක්පත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කෙරිණි.

අනතුරුව එම චෙක්පත ජනාධිපතිතුමා විසින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත බාරදෙනු ලැබීය.

මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *