සෞදි අරාබි කුමරු හා විදේශ කටයුතු ඇමති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණි සෞදි අරාබියානු අබ්දුල් අසීස් අල් සෞද් කුමරු හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ(04) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා නිල ආරාධනාවකට අනුව සෞදි අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

එකළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම සෞදි අරාබියානු දුත පිරිස විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ වේලාවක් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව හා සෞදි රජය අතර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ශක්තිමත් කර ගැනීමට අදාළ කරුණු මෙහිදී අවධානයට ලක් විය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *