අයි. එස්. ගැන පුවත්පතකට තොරතුරක් ලැබී ඇත්නම් ඒ ගැන පියවර ගන්නැයි පොලිසියට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අයි. එස්. අයි ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පුවත්පතකට විශේෂ තොරතුරක් ලැබී ඇත්නම් එම තොරතුරු පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය ඉරිදා සති අන්ත පුවත්පතක පළවූ මෙම ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මතුකරන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අයි. එස්. අයි . ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බව එම ප‍්‍රවෘත්තියේ සදහන්ව ඇතත් ඇමරිකානු තානාපති කාර්යාලය එය ප‍්‍රතික්ෂේප කර ඇතැයිද අගමැතිවරයා සදහන් කළේය.

මෙම ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ගය කුමක්දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා අගමැතිවරයාගෙගන් විමසා සිටි අතර අයි. එස්. අයි. ප‍්‍රහාරය සම්බන්ධයෙන් එම පුවත්පතට තොරතුරු ලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලීසියට උපදෙස් දුන් බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + ten =