කටාර්ට රාජ්‍යයට එරෙහි ගල්ෆ් සම්බාධක තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රජ්‍යයට එරෙහි ආර්ථික හා දේශපාලන සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල් තිරණය කර ඇත.

ඔවුන් මේ තීරණයට එළඹ ඇත්තේ ගල්ෆ් සහයෝගීතා කවුන්සිල හමුවෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම හමුව ඊජිප්තුවේ කයිරෝ නුවරදී ඊයේ(05) පැවැත්වුණි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය හා ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් මීට එක්ව සිටියහ.

හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කටාර් රාජ්‍ය සිය ප්‍රතිපත්ති වෙනස් කරන තෙක් සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය. ජිහාඩ් කණ්ඩායම් ඇතුළු ත්‍රස්තවාදයට කටාර් රාජ්‍යය උදව් කරන බවට ද ඔවුන් දැඩි ලෙස චෝදනා කර තිබේ.

සම්බකාධන ඉවත් කිරීමට නම් තමන් පැනවූ කොන්දේසි 13, කටාර් රාජ්‍ය විසින් ඉටු කරනු ලැබිය යුතු බව එම රටවල් අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 11 =