මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායකයි – මහ බැංකු අධිපති

(කොළඹ, ලංකාපුවත්) – මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක තත්ත්වයක පවතින බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

එලෙස එළඹුනු වෙළෙඳ ගිවිසුම් දෙස බැලූ විට ශ්‍රී ලංකාවට බිලියන තුනක ජනගහනය ඉක්මවන වෙළෙඳපොළකට අපටම ආවේණික ලෙස පිවිසීමට හැකියාව පවතින බවත් එය ශ්‍රී ලංකාවට ඉතා හොඳ අවස්ථාවක් බවත් ඔහු කියා සිටියේය

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැගිල්ල ඊයේ(05) විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

එම උත්සව සභාව ඇමතූ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තව දුරටත් කියා සිටියේ,

“සෑම රටක් සමඟම අපට ඉතා හොඳ සබඳතා පවතිනවා. ඉන්දීය සාගරයේ අපේ පිහිටීමත් අපේ සංවර්ධනයට වැදගත් සාධකයක් වෙනවා. මේ ඔක්කොම සලකලා බැලුවම අපට ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ සෑම දේකටම ප්‍රථමයෙන් මෑතක දී එළඹුනු වෙළෙඳ ගිවිසුම් දිහා බැලුවහම ශ්‍රී ලංකාවට බිලියන තුනක ජනගහනය ඉක්මවන වෙළෙඳපොළකට අපටම ආවේණික විදිහට පිවිසීමට හැකියාව පවතිනවා. එයත් ශ්‍රී ලංකාවට ඉතා හොඳ අවස්ථාවක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *