ක්‍රිස් ග්‍රේල් යළි කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් අතර අනිද්දා පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගය සදහා ක්‍රිස් ග්‍රේල් යළි කණ්ඩායමට කැදවීමට බටහිර ඉන්දීය කොදෙව් බලධාරීන් තීරණය කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක් වූ ක්‍රිස්ග්‍රේල් යළි කණ්ඩායමට කැදවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධය වාර්තා කර ඇත.

ක්‍රිස්ග්‍රේල් අවසන් වරට 20-20 තරගයකට සහභාගී වූයේ පසුගිය වසරේදීය.

ජැමෙයිකාවේ සබීනාපාර්ක් ක්‍රීඩාංගනයේදී ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *