නදීශා හොදම දුර වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – 22 වැනි ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීශා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාව සමත් විය.

ඇය විසින් මීටර් 58.11 ක දුරක් වාර්තා කරමින් දෙවන ස්ථානය ලබාගත් අතර මීටර් 63.06ක දුරක් වාර්තා කළ චීන ක්‍රීඩිකාව එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

එහි ලෝකඩ ශූරතාවය දිනා ගත්තේ මීටර් 57.32ක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවකි.

ඉන්දියාවේ ඔඩිස්සා හිදී 22 වැනි ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරඟාවලිය පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *