ව්‍යාජ ඩොලර් මුද්‍රණයට උත්සාහ කළ 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සදහා යොදා ගන්නා මුදල් නෝට්ටු කොළ 7,500ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පේරාදෙණිය පොලිස් වසමේ තානායම අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඊයේ(06) දිනයේ දී ය.

ව්‍යාජ අමෙරිකානු ඩොලර් සැකසීමට ගන්නා කළු පැහැති මුදල් නොට්ටු කොළ 7,500ක ප්‍රමාණයක් රසායනාගාරයක් තුළින් පිරිසිර කිරීමට වංචනික ලෙස හුවමාරු කිරීමට රැගෙන ඒමේ දී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීමට ගන්නා කොළ සමඟ සැකකරුවන් පස්දෙනෙක් සමඟ ඔවුන් ගමන් ගත් කාර්රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32,35,38,43,52 යන වයස්වල පසුවන ගලගෙදර, මහනුවර, පිළිමතලාව, රජවැල්ල, අමුණුගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

මෙම සැකකරුවන් ඊවේ(06) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *