ශ්‍රී ලාංකිකයින්ට ජපන් යන අවස්ථා වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමතිනී තලතා අතුකෝරල ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ඇති අවස්ථාව ඉහළ දමා ගැනීමේ අරමුණින් ඔවුන් මෙසේ එහි ගිය බව නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සදහන් කළේය.

මෙම සංචාරය අතරතුර ජපාන කම්කරු ඇමතිවරයා ඇතුළු රාජතාන්ත‍්‍රිකයන් කිහිපදෙනෙකු හමුවීම, වෘත්තීය පුහුණු ආයතන කීපයක්ද, කර්මාන්තශාලා කීපයක්ද නැරඹීමට ද නියමිතය.

ජපාන ශ‍්‍රම වෙළඳපොලේ අවශ්‍යතාවය අනුව අප රටේ තරුණ තරුණියන් හට ලබාදෙන වෘත්තීය පුහුණුව නවීකරණය කිරීම, ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව ඉහල නැංවීම සඳහා ජපාන සහයෝගය ලබාගැනීම වැනි අරමුණු සඳහා මෙම සංචාරය සිදු කිරීමේ අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + seventeen =