සිම්බාබ්වේ ක්‍රීඩකයාගෙන් හම්බන්තොට රෝහල ගැන ඇගයීමක්

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක Ryan Burl හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලයට ස්තූති කරමින් ඔහුගේ ට්විටර් පිටුවේ විශේෂ සටහනක් ඡායාරූපයක් සමඟ පළ කර ඇත.

ආහාර විෂ වීමක් හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක Ryan Burl පසුගියදා ප්‍රතිකාර ලබා ගැනීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබුණි.

එහිදී තමන්ට අසාධ්‍ය වූ අවස්ථාවේ සිට මුළු රැයක් පුරාම වෛද්‍යවරු සහ එහි කාර්යය මණ්ඩලය ඉතා කඩිනමින් ප්‍රතිකාර කිරීම පිළිබඳව ඔහු විශේෂ ස්තූතියක් සිදු කර තිබේ.

“Thank you very much to the doctors and staff at Hambantota hospital for helping me recover! A terribly frightening experience”

“බොහොම ස්තූතියි හම්බන්තොට රෝහලේ කාර්යය මණ්ඩලය සහ වෛද්‍යවරුන්ට මාව සුවපත් කළාට. ලොකු අත්දැකීමක් ලැබුවා මා ඔබ සමඟ” යනුවෙන් Ryan Burl සිය ට්විටර් පිටුවේ සටහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =