කාසියේ වාසිය සිම්බාබ්වේ පිළට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 05වන සහ තීරණාත්මක තරගය අද (10) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී මේ වන විට පැවැත්වේ.

මේ වන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇත.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරකු ලැබීය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති සිව් වන එක්දින තරගයෙන් අනතුරුව සම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩ මුදලක් නියම කර තිබුණි. ඒ සිව්වන තරගයේ දී පන්දු යැවීම සදහා වැඩි කාලයක් වැය කිරීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *