තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් උතුරු පළාත්සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙනුවෙන් සංවිධාන කරන ලද උතුරු පළාත් එක්දින වැඩමුළුව පසුගියදා (07)යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විණ.
එයට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මෙම පනත පිළිබඳව යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහාද වැඩමුළුවක් පැවැත්වීය.

මෙමඅවස්ථාව සඳහා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා සහ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ උපදේශක පියතිස්ස රණසිංහ මහතා ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *