දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(09) රාත්‍රී 09.00ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර වාහන ගමනා ගමනය තාවකාලිකව නතර කරනු ලැබීය.

ඒ අනුව පැය දෙකක පමණ කාලයක් අදාළ කොටස වසා දැමීමට පියවර ගැනුණි.

මේ වන විට සාමාන්‍ය පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =