බස්නාහිර අතහැර දැමු ඉඩම්වලින් ඉඩමේ වටිනාකමින් 2% ක දඩයක්

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක දඩයක් අය කිරීමට තීරණය කර තිබේ.

මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා මේ සම්බන්ධ උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව යම් ඉඩමක ඩෙංගු ඇති බව සනාථ වුවහොත් මෙම බද්ද ක්‍රියාත්මක වන අතර එසේ නොමැති සංවර්ධනය නොකර අත්හැර දමා ඇති ඉඩම් රජයට පවරා ගැනීමට හෝ ඉඩ ඇති බව ද ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *