යුද ජය සැමරීමට ඉරාක අගමැති මොසුල් එයි

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති මෝසුල් නගරයේ බලය ඉරාක හමුදා විසින් යළි අත්පත් කර ගැනීමේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කිරීම සඳහා අග්‍රාමාත්‍ය හයිදර් අල්- අබාඩි මොසූල් නුවරට පැමිණියේ ය.
මෝසූල්හි අයි. එස්. සටන්කාමීන් බහුලව සිටි ප්‍රදේශ ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුම්වල අවසන් අදියරට සිය කණ්ඩායම්වලට පැමිණීමට හැකිවූ බව ඉරාක හමුදාව සදහන් කර ඇත.

ඉරාකයේ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින් වීදි පුරා නර්තනයේ යෙදෙමින් සිය ජයග්‍රහණය සමරණු දැකගත හැකි බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.

2014 වසරේ ජුනි මාසයේදී අයි. එස්. ත්‍රස්තවාදීන් ඉරාකයේ මෝසූල් නුවර සිය පාලනයට නතු කර ගත්තේ ය.

ඒ අනුව ඉරාක හමුදා සෙබලුන් මොසූල් නුවර යළි අත්පත් කරගැනීමේ මෙහෙයුම්වල නිරත වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මසායේ සිටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *