ශ්‍රී ලංකාවේ ජනවර්ග 19ක් පිළිබඳ ග්‍රන්ථයක් එළිදකියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19ක් පිළිබඳව පාඨ ග්‍රන්ථය එළිදැක්වීම ලබන 18වනදා සිදු කෙරෙන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සදහන් කරයි.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් ලෙස ජාතීන් අතර සහයෝගීතාවය සහජීවනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සිදු කරනු ලැබේ. ජන වාර්ගික විවිධත්වය තුළින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීම මගින් මෙරට ජාතික සංහිදියාව ඇති කළ හැකිය. ඒ සදහා රට කුළ ජීවත් වන ජනවර්ග මෙන්ම ඔවුන්ගේ සංස්කෘතිය පිළිබද අවබෝධයක් සියලු ජනතාවට ලබා ගැනීමට අවස්ථාවක් තීබීම වැදගත් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19ක් පිළිබඳව පාඨ ග්‍රන්ථයක් People Of Sri Lanka නමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසින් මුද්‍රණය කර ඇත.

එම ග්‍රන්ථය තුළි විවිධ ජන වර්ගයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුලත්වන අතර ග්‍රන්ථ සම්පාදනයේ දී ඒ ඒ ජනවාර්ගික නියෝජිතයන්ගේ පූර්ණ දායකත්වය ද ඒ සදහා ලබා ගෙන තිබේ.

People Of Sri Lanka ග්‍රන්ථයෙන් පැහැදිලි කරනුයේ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනවර්ගයන්ගේ ස්වභාවය, සංස්කෘතිය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය වර්ධනය කිරීම උදෙසා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳව ය. එසේම රාජ්‍ය අනුග්‍රහය යටතේ ජන වර්ග පිළිබඳ රචනා කරන ලද ප්‍රථම ග්‍රන්ථයද මෙය වේ.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇති මෙම තෘය ලබන 18වනදා ප.ව. 3.00‍ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *