සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝගයක් කඩ කළ පෞද්ගලික රෝහල් පිළිබද විමර්ශණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු උවදුර අවසන් වන තුරු රුධිර පරික්ෂණ ගාස්තු අඩු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් නියෝග කඩ කරන පෞද්ගලික රෝහල් සහ රසායානාගාර පිළිබද විමර්ශණයක් ආරම්භ කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

සම්පුර්ණ රුධිර පරීක්ෂණය රුපියල් 250 කට සහ ඩෙංගු රුධිර පරීක්ෂණය රුපියල් 1000 කට සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය මස පෞද්ගලික රෝහල් වෙත දැනුම් දෙන ලදි.

නමුත් ඇතැම් පෞද්ගලික රෝහල් ෙමි වනවිට එම මුදලට වඩා වැඩි මුදල් අය කරන බවට රෝගී ජනතාවගෙන් ලැබුන පැමිණිලි සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම විමර්ශණය ආරම්භ කර තිබේ. නැවත දැනුම් දෙන තුරු පනවා ඇති නීතිය ක්‍රියාත්මක බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සහ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා කාන්ති ආරියරත්න මහත්මිය විසින් පෞද්ගලික රෝහල් සංගමයට ද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *