2020 වන විට අපනයන ඉහළ නැංවීමේ සැලසුම් ගැන ඇමති සුජිව සේනසිංහ කියයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා අපනයන ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව අන්තර්ජාතික වෙළෙදාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහත සදහන් කරයි.

අමාත්‍යරවයා මේ අදහස් පළ කළේ ‘තායිලන්ත සතිය’ වෙළෙද ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. තායිලන්ත සතිය වෙළෙද ප්‍රදර්ශනය බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ

තායිලන්ත වෙළෙද ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන්නේ පළමු වරටයි. තායිලන්ත තානාපති චූලාමනී චර්සුවාන් මහත්මිය ද සමාරම්භක අවස්ථාවට එක්විය.

එහිදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේ චීනය, තායිලන්තය, සිංගප්පූරුව ඇතුළු රටවල් 5ක් සමග නිදහස් වෙළෙද ගිවිසුම්වලට එළඹීමට රජය ක්‍රියා කරමින් සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =