පෙනහලු බද්ධයටත් සූදානම් – ප්‍රථම හදවත් බද්ධය සිදු කළ වෛද්‍යවරු පවසති

(කොළඹ, ලංකාපුවත්) – ළඟදීම පෙනහලු බද්ධ කිරීමේ සැත්කම් ද සිදු කරන බව ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකළ වෛද්‍යවරුන් පවසා සිටියි.

ඔහුන් සිදු කළ හදවත් සැත්කම සාර්ථක වූ බව එම වෛද්‍ය කණ්ඩායම මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ තරුණයෙකුගේ මොළය මිය ගිය බවට තහවුරු වීමත් සමග ඔහුගේ හදවතයි 36 හැවිරිදි කාන්තාවකට බද්ධ කිරීම පසුගිය 07වනදා රාත්‍රියේ දී සිදු කර තිබුණි. මහනුවර මහ රෝහලේදී සැත්කමට භාජනය වූ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය.

මෙම සැත්කමට පැය 8ක කාලයක් ගතවී ඇති අතර, ඊට විශේෂඥ වෛද්‍යවරු 20ක කණ්ඩායමක් සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =