වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – 07ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කාශ්මීරයේ ඉන්දීය පරිපාලන ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

හින්දු බැතිමතුන් සහිත වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකට ප්‍රහාරය එල්ල වී තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. ඉන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම බස් රථය අමරනාත් ලෙන් සිද්ධස්ථානයේ සිට ආපසු පැමිණෙන අතරතුර අනන්ත්නාග් ප්‍රදේශයේදී ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් 6 දෙනෙකු ද වන බව දැක්වේ.

මෙවැනි බියගුළු ප්‍රහාරවලින් ඉන්දීය රජය සැලෙන්නේ නැති බවයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *