ජනපති බංග්ලාදේශ නිල සංචාරයකට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචරයක් සදහා ලබන 13වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.

එහි දී අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය සහ ජනාධිපති එම්.ඩී. අබ්දුල් හමීඩ් මහතා මුණ ගැසී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාකච්ඡා කරනු ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එසේම ජනාධිපතිතුමා බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මැති ඇමතිවරු කිහිප දෙනෙකු මුණ ගැසී සාකච්ඡා කිරීමට ද නියමිත ය.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

2015 වසරේ ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වේ. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වකවානුවේ දී බංග්ලාදේශයේ සංචාරයක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *