තරඟාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරග පහකින් සමන්විත වූ එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 3ට 2ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ(10) පැවති පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුළු තුනකින් ජය ගැනීමත් සමගය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංක කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු අටක් දැවී ලබා ගත්තේ ලකුණු 203ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 38යි පන්දු එකකදි කඩුළු හතක් පමණක් දැවී තරගයේ ජය හිමිකර ගනු ලැබීය.

සිකන්දර් රාසා තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර හැමිල්ටන් මැසකඩ්සා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *