රජය ජනතාවට දෙන සුබ සාධන දැනගන්න වෙබ් අඩවියක් ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) – රජය, ජනතාවට ලබාදෙන සියලුම සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

එමගින්, ඕනෑම පුද්ගලයෙකුට රජය මගින් සපයන සුබසාධන තොරතුරු ලබා ගත හැකිය. socialregistry.gov.lk යන වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

මේ ක්‍රමවේදය හරහා සුබසාධන ප්‍රතිලාභ ලබන සියලුම දෙනා පිළිබඳ නිවැරැදිව තොරතුරු දැනගැනීමට හැකිවන අතර සොරකම්, ගසාකෑම්වලින් සහ වංචාවන්ගෙන් තොරව නිවැරැදිම පුද්ගලයන් වෙත විනිවිද ක්‍රියාවලියක් තුළින් තම සුභසාධන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවීම මෙහි මූලික ප්‍රතිලාභය වේ.

දීප ව්‍යාප්තව සුබසාධන ව්‍යාපෘති විසිරී ඇති ආකාරය හඳුනා ගනිමින් එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ආදිය පිළිබඳ දත්ත ලබාගත හැකි පර්යේෂණ මූලාශ්‍රයක් ලෙසද මෙය හඳුනාගත හැකිය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ සංකල්පයක් අනුව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

වසර ගණනාවක සිට විවිධ රජයන් සුබසාධන පහසුකම් සැපයුවද, විවිධාකාරයෙන් සිදු වන ගසාසෑම් නිසා එම ව්‍යාපෘතිවල නිසි ප්‍රයෝජන ලබා ගත නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *