ජනමාධ්‍ය නියාමන කොමිසම පනත් කෙටුම්පත සැකසීමට ඇමැති මණ්ඩල අනුකමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනමාධ්‍ය නියාමන කොමිසම පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට ඇමැති මණ්ඩල අනුකමිටුවක් පත්කර ඇත.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කරන අතර ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

කමිටුවේ කැඳවුම්කරු ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත්කර ඇත.

මාධ්‍ය නියාමන පිළිබඳ යෝජනාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති අතර කැබිනට් අනුමැතිය ලද පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මහජන අදහස් ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *