තාඩ් මිසයිල නාශක ආරක්ෂක පද්ධතිය සාර්ථකයි – අමෙරිකාව

(කොළඹ, ලංකාපුවත්) – තාඩ් මිසයිල නාශක ආරක්ෂක පද්ධතිය සාර්ථකව අත්හදා බැලූ බව අමෙරිකාව සදහන් කරයි.

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් හමුවේ පරීක්ෂණ කඩිනම් කිරීමට අමෙරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. ඒ අනුව ඉහළ උන්නතාංශ ආරක්ෂණ හෙවත්, තාඩ් මිසයිල නාශක ආරක්ෂක පද්ධතිය ඇලස්කාවේ කෝඩිඇක් ප්‍රදේශයේදී පසුගියදා අත්හදා බලා තිබේ.

හවායි දූපතට උතුරේ සිට ගුවන් යානයකින් දියත් කෙරුණු බැලස්ටික් මිසයිල ඉලක්කයක් වෙත තාඩ් මිසයිල පද්ධතියෙන් ප්‍රති මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අත්හදා බැලීම සාර්ථකව කළ බව අමෙරිකානු හමුදාව පවසා සිටී.

අදාළ අත්හදා බැලීම මීට මාස කිහිපයකට පෙර සැලසුම් කළ ද කලාපීය විරෝධය හමුවේ එය ප්‍රමාද කෙරුණි.

දකුණු කොරියාවේ ගුව්ම්හි පැරණි ගොල්ෆ් ක්‍රීඩාංගණයක තාඩ් මිසයිල නාශක ආරක්ෂක පද්ධතිය අමෙරිකාව විසින් ස්ථාපිත කර ඇත්තේ දැඩි උද්ඝෝෂණය හමුවේ ය. ඊට චීනයේ හා රුසියාවේ ද විරෝධය එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =