නයිජීරියාවේ අධික ගංවතුර තත්ත්වයෙන් 20ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – නයිජීරියාවට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නයිජීරියාවේ වැඩිම ජනගහනයක් සිටින ලාගෝස් නගරයට ද මෙම ගංවතුර තත්ත්වය බලපා ඇත.

නිවාස 90කට වැඩි සංඛ්‍යාවක් ඇතුළු දේපල රැසක් ද විනාශයට පත්ව ඇතැයි සදහන් වේ. අවතැන්වී ඇති පිරිස 500 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දක්වා තිබේ.

ගංවතුර සමග නායයාම් ද වාර්තාවී ඇති අතර ගංගා කිහිපයක්ම පිටාර මට්ටමට පැමිණ තිබේ. විපතට පත් ජනතාව මුදාගැනීම සදහා සහන සේවා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *