නව යුද හමුදාපති හා ජනපති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදාය ඉටුකරමින් පැවති මෙම හමුව සිදුවූ අතර එය සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා, ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 4 =